FAST NEWS

24×7 Around the Globe

සඳුදා සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය විසින් එළඹෙන සඳුදා (08) සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අද දින (02) තීරණය කර ඇත.

ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් අද දින පෙරවරුවේ එම අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැත්විනි.

එහිදී තීරණය කර ඇත්තේ ඉදිරි දින කිහිපය තුළ මහජන හැසිරීම මෙන්ම කොවිඩ් 19 වසංගත තත්ත්වය හා සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස් සැළකිල්ලට ගනිමින් ලබන සඳුදා සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමටයි.