(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (03) දිනයේ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගන්නවාද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය ලබා දීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා තීරණය කර ඇත.
ඊයේ (02) නීතිපති දප්පුල ද ලිවේරා විසින් වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අපරාධ කොට්ඨාශය වෙත උපදෙස් ලබා දී තිබේ.
2016 වසරේදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සම්බන්ධ රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරට අදාලව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙසයි නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇත.








