FAST NEWS

24×7 Around the Globe

සංචාරක නියෝජිතයින් ගෙන එන සංචාර සඳහා සේවා වැට් බද්දෙන් නිදහස් [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක නියෝජිතයින් මෙරටට ගෙන එන සංචාර සඳහා සේවා සැපයීම වැට් බද්දෙන් නිදහස් කර ඇති බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කරයි.  

කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීම සඳහා රජය මෙම පියවර ගත් බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.