FAST NEWS

24×7 Around the Globe

සිංගප්පූරුවේ සිට තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිංගප්පූරුවේ සිට තවත් ශ්‍රී ලාංකිකයන් 291 දෙනෙකු අද (02) දිවයිනට පැමිණීමට නියමිත බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.  

ඔවුන් PCR පරීක්ෂණවලින් පසු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතය.

මේ අතර, ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලින් සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් බලා පිටත්ව ගිය සංඛ්‍යාව 11 ,608 දක්වා ඉහළ ගොස් ඇත.

යුද හමුදාව පැවසුවේ නිරෝධායන මධ්‍යස්ථාන 44 ක තවත් 4988 ක් තවදුරටත් නිරෝධායනයට ලක්වෙමින් සිටින බවයි.