FAST NEWS

24×7 Around the Globe

ගල්කිස්ස වෙරළේ මුහුදු වැලි ඛාදනය වීමේ පුවත අසත්‍යයක් [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ගල්කිස්ස වෙරළ තීරයේ ක්‍රියාත්මක කළ කෘතිම වැළි පෝෂණ ව්‍යාපෘතිය සදහා භාවිත කළ වැලි මුහුදට ඛාදනය වී ඇතැයි යන චෝදනාව සම්පූර්ණ අසත්‍යයක් බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.   

එහි අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ අදාල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබුවේ වෙරළ ඛාදනය වළක්වා ගැනීමේ අරමුණින් බවයි.