FAST NEWS

24×7 Around the Globe

මැතිවරණයට එරෙහිව ඇති පෙත්සම් සලකා බැලීම අවසන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරණයට දින නියම කිරීම අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වන තීන්දුව හෙට(02)  පස්වරු 03.00 ට ප්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.

අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (01) දස වැනි දිනටත් සලකා බැලූ අවස්ථාවේදි අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා මේ බව ප්‍රකාශ ක‍‍ළේය.