FAST NEWS

24×7 Around the Globe

කොරෝනා නිසා මෙරට සිරවී සිටි ඉන්දියානුවන් පිරිසක් අද පිටත් වේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (01) කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට සිරවී සිටි ඉන්දීය ජාතිකයින් 700 දෙනෙකු ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක් මගින් පිටත්ව යාමට නියමිතයි.

ඉන්දීය ජාතිකයින් 1500 කට අධික පිරිසක් සිය රට බලා යාමට නොහැකිව මෙරට රැදී සිටින බව සඳහන් වේ.

ඉන් පළමු කණ්ඩායම ලෙස ඉන්දීය ජාතිකයින් 176 දෙනෙකු ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් පසුගිය සිකුරාදා දිනයේදී ඉන්දියාව බලා පිටත්ව ගියේය.

ඊයේ (31) පස්වරුවේ දෙවන කණ්ඩායම ලෙස ඉන්දීය ජාතිකයින් 700 කට ආසන්න පිරිසක් රැගෙන යාම සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් ජලශ්වා නෞකාව කොළඹ වරායට ළඟා වී තිබේ.