FAST NEWS

24×7 Around the Globe

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් අද පිට වේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (01) ත්‍රිවිධ හමුදාව යටතේ පවතින නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ තවත් 58 දෙනෙකු නිවෙස් වෙත පිටව යාමට නියමිතයි.

එලෙස පිටව යන සෑම අයෙකුම, කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්ද යන්න තහවුරු කරගැනීම සඳහා වන පී.සී.ආර්. පරීක්ෂාවන්ට ලක් කරන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ සඳහන් කළේය.