FAST NEWS

24×7 Around the Globe

පාස්කු කොමිසම හමුවට තවත් පුද්ගලයින් දෙදෙනෙක් කැඳවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දීම සඳහා තවත් පුද්ගලයින් දෙදෙනෙකු කැඳවා තිබේ.

ඒ අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරික්ෂක සමන් විරසිංහ සහ බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ජිෆ්රි මොහොමඩ් හුසේන් නැමති පුද්ගලයෙකු මෙලෙස සාක්ෂි ලබා දිම සඳහා කැඳවා ඇති බව සඳහන් වේ.

අද (01) දහවල් 12.30 ට කොමිෂන් සභාවේ සාක්ෂි විමසිම් කටයුතු ආරම්භ කිරිමට නියමිතයි.

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හමුවේ මෙම කොමිසමේ සාක්ෂි විමසිම් තාවකාලිකව නතර කර දමා තිබු අතර එහි කටයුතු පසුගිය මැයි මස 13 වනදා සිට යළි