FAST NEWS

24×7 Around the Globe

‘කොණ්ඩ ජනිත්’ රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මොරටුව – සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට මෝටර් රථයකින් පැමිණ වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ‘‘කොණ්ඩ ජනිත්’’ ලබන මස 5 වනදා දක්වා රදවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලබාදී ඇත.  

ඒ, සැකකරු අද ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත් චරිත ද සිල්වා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙම සැකකරු ඊයේ රාත්‍රියේ පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ පානදුර – එළුවිල ප්‍රදේශයේදීයි.