FAST NEWS

24×7 Around the Globe

5000 දීමනාවට අදාළව අභියාචනා 44,767 ක්

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) –  කොරෝනා වසංගතයත් සමග ජීවනෝපාය අහිමි වූ පිරිස් සඳහා ලබාදුන් රුපියල් 5000 දීමනාවට අදාළව අභියාචනා 44, 767 ක් ලැබී තිබේ.   

මෙම අභියාචන අතුරින් වැඩිම සංඛ්‍යාවක් ලැබී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 5000 කට අධිකය.

කොළඹින් ලැබී ඇති අභියාචන සංඛ්‍යාව 4000 කට අධික බව සඳහන්.

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන කාර්ය සාධන බලකාය සඳහන් කළේ, එම අභියාචනා සම්බන්ධයෙන් සළකා බලන්නැයි දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී ඇති බවයි.