FAST NEWS

24×7 Around the Globe

දුම්රිය ගමන් වාර සංඛ්‍යාව හෙට සිට වැඩි කිරීමට තීරණයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (01) සිට ධාවනය වන දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. 

ඒ අනුව දුම්රිය ගමන්වාර 33 ක් හෙට ධාවනයට එක් කිරීමට නියමිත බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්.පොල්වත්තගේ මහතා සඳහන් කළේය.

ඔහු සඳහන් කළේ එම දුම්රියවලින් ගමන් කළ හැක්කේ රාජකාරී කටයුතු සඳහා පැමිණෙන මගීන්ට පමණක් බවයි.

මිට අමතරව හෙට සිට ධාවනය වන බස් රථ සංඛ්‍යාව ද වැඩි කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය තීරණය කර තිබේ.

එහි සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේ පසුගිය සතියට සාපේක්ෂව ලබන සතිය තුළ අන්තර් පළාත් බස් රථ සඳහා වැඩි ප්‍රමුඛත්වයක් ලබාදීමට තීරණය කර ඇති බවයි.