FAST NEWS

24×7 Around the Globe

ගෆුර් ගොඩනැගිල්ලේ නාවික සෙබලුන්ට කොරෝනා නැති බව තහවුරු වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ ගෆුර් ගොඩනැගිල්ලේ සිටි නාවික හමුදා සෙබළුන් 220 දෙනෙකුගේ PCR පරීක්ෂණ වාර්තාවල ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉසුරු සූරියබණ්ඩාර මහතා කියා සිටියේය.    

එම ගොඩනැගිල්ලේ සිටි නාවික හමුදා සෙබලෙකු කොවිඞ් ආසාදිතයෙක් බවට හඳුනා ගැනීමත් සමග ගෆුර් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් හුදෙකලා කර එහි සිටි සියලුම නාවික හමුදා සාමාජිකයින් නිරෝධායන කටයුතු සඳහා යොමුකර වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කිරිමට පියවර ගනු ලැබීය.