FAST NEWS

24×7 Around the Globe

සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියේ පොලිස් නිලධාරීන් 3 ගේ වැඩ තහනම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මොරටුව – සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට සුදුපැහැති මෝටර් රථයකින් පැමිණි මැරකල්ලියක් විසින් වෙඩි තබා පලා යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් පොලිස් නිලධාරීන් 3 දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ සැරයන්වරයෙකුගේ සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ සේවය මෙලෙස අත්හිටුවා ඇති බවයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් පරිදි මෙලෙස ඔවුන්ගේ වැඩ තහනම් කර ඇත්තේ වෙඩි තැබූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට උත්සහ නොකිරීම ඇතුලූ කරුණු කිහිපයක් මත වේ.