FAST NEWS

24×7 Around the Globe

ලබන 5 සහ 6 දිවයිනේ සියලු සුරාසැල් ඇතුළු ස්ථාන කිහිපයක් වැසේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනේ සියලු සුරාසැල්, මස් මාංශ අලෙවිසැල්, සතුන් මරණ ස්ථාන, රේස් බුකී, කැසිනෝ ශාලා හා සමාජ ශාලා ලබන ජූනි 5 හා 6 යන දෙදින තුල වසා තැබිය යුතු බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

ඒ රාජ්‍ය පොසොන් උත්සවය හේතුවෙන්

මෙවර පොසොන් පොහොය ජුනි 05 වනදා යෙදී ඇති අතර රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වෙන්නේ මිහින්තලා පුදබිම කේන්ද්‍ර කර ගනිමින්.