FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ හා ඕස්ට්‍රේලියාවේ සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (30) අලුයම ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ සහ ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 304 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙයින් පළමු ගුවන් යානය ඉන්දියාවේ මුම්බායි නුවර රැදී සිටි ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා වල සාමාජිකයන් 18 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1042 දරන විශේෂ ගුවන් යානය අද අලුයම 4.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

දෙවන ගුවන් යානය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 286 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්-605 දරන විශේෂ ගුවන් යානයෙන් අද අලුයම 5.50 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙසේ පැමිණි ගුවන් මගීන් සියලු දෙනාම නීරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.