FAST NEWS

24×7 Around the Globe

මෙරට වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාර එල්ල වී ඇත.

විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවිය , රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ වෙබ් අඩවිය සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවිය ඒ අතර වනවා. මින් සෞඛ්‍ය අමාත්‍යංශ වෙබ් අඩවිය මේ වනවිට යථා තත්වයට පත් කර තිබේ.

එහෙත් අනෙක් වෙබ් අඩවි මේ දක්වා යථා තත්වයට පත් කර නොමැති අතර දෙමළ ඊලාම් සයිබර් හමුදාව ලෙසින් හඳුන්වා ගන්නා පිරිසක් විසිනුයි මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර ඇති බවට වාර්තා වේ.