FAST NEWS

24×7 Around the Globe

කොළඹට ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද පෙරවරු 9 සිට හෙට අලුයම 3 දක්වා කොළඹ 02, 03, 07, 08, 09, සහ 10 යන ප්‍රදේශවල ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

මීට අමතරව කොළඹ 1 ප්‍රදේශයට අඩුපීඩන තත්ත්වයක් යටතේ ජලය සපයන බවයි ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කර තිබේ.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට මාලිගාකන්ද දක්වා ජලය සැපයෙන ප්‍රධාන නල මාර්ගයේ අලුත්වැඩියාවක් මීට හේතුවයි.