FAST NEWS

24×7 Around the Globe

ශ්‍රේෂ්ඨාධිකරණය අද රැස්වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (30) කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් නියමිත දිනට කැඳවිමට නොහැකි වූ පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් දින නියම කිරිම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය රැස්වීමට නියමිතයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ටාර්වරයා විසින් පසුගිය මාර්තු මස 24 වනදා සිට 31 දක්වා කාලය තුළ ලබාදී තිබූ පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් ඉදිරිපත් වන ලෙස අදාල පාර්ශව වෙත දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

සාමාන්‍යයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සෙනසුරාදා දිනයක රැස් නොවන අතර මෙම කැඳවිම විශේෂත්වයක් වෙයි.

කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් රට තුළ ඇති වූ තත්ත්වය මත පසුගිය මාර්තු මාසයේ සිට මාස කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණ කටයුතුවලට ද බාධා එල්ල විය.