FAST NEWS

24×7 Around the Globe

මැතිවරණය රාජකාරිවල යෙදෙන පොලිස් නිලධාරීන්ට මාර්ගෝපදේශ මාලාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැතිවරණ රාජකාරී කටයුතුවලට යොදවන පොලිස් නිලධාරීන් සඳහා ද වෙනම මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වෙයි. 

මේ පිළිබඳ මූලික සාකච්ඡාවක් සෞඛ්‍ය බලධාරීන්ගේ, පොලිස් මැතිවරණ කාර්යාංශයේ නිලධාරීන්ගේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (29) පැවැත්විය.

මහමැතිවරණ රාජකාරී සඳහා යොදවන පොලිස් නිලධාරීන් කොවිඩ් 19 වයිරසය ආසාදනය වීමෙන් වළක්වා ගැනීම සඳහා මෙම මාර්ගෝපදේශ මාලාව සකස් කෙරේ.