FAST NEWS

24×7 Around the Globe

ISIS නායක අල්-බග්දාදිගේ රථපෙළට ප්‍රහාරයක්.

IS ඉස්ලාම් රාජ්‍යයේ නායකයා ලෙස කටයුතු කරන අබු බකර් අල්-බග්දාදිගේ ආරක්ෂක රථ පෙළට ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව ඉරාක ගුවන් හමුදාව පවසයි.

කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයෙන් ඉස්ලාම් රාජ්‍ය නායකයාට කුමක් සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ මෙතෙක් තොරතුරු ලැබී නොමැති අතර, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විදෙස් ඒකාබද්ධ හමුදා ස්වාධීන ප්‍රකාශයක් මෙතෙක් සිදුකර නොමැති බවත් විදෙස් වාර්තා පවසයි.

සිරියානු දේශසීමාවට ආසන්න, බටහිර අන්බාර් පළාතේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව තහවුරු වී ඇත.