FAST NEWS

24×7 Around the Globe

රාජිතගේ ඇප ඉල්ලීම නිශ්ප්‍රභ කරන්නැයි නීතිපතිගෙන් ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ගොනුකර ඇති ප්‍රතිශෝධන අයදුම්පත විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඒ, ඊට අදාළ ප්‍රතිශෝධන අයදුම්පත අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි.

නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙම ඉල්ලීම සිදුකළ බව සඳහන්.

අනතුරුව පෙත්සම පිළිබඳ විභාගය ජුනි මස 11 වනදා පැවැත්වීමට අභියාචනාධිකරණය නියම කළ අතර ප්‍රතිශෝධන පෙත්සමෙන් රාජිත සේනාරත්න මහතා පෙන්වා දී ඇත්තේ පසුගිය දෙසැම්බර්මස 30 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් කළ නියෝගය බලරහිත කරමින් කොළඹ මහාධිකරණය ප්‍රකාශ කළ තීන්දුව නීතියට පටහැනි බවයි.