FAST NEWS

24×7 Around the Globe

එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (29) එක්සත් ජාතික පක්ෂයේ හා සමගි ජන බලවේගය පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම් පැවැත්වෙයි.

අද පෙරවරු 10.00ට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවැත්විමට නියමිතයි.

එහිදි ඉදිරි මහමැතිවරණයට තරඟ කිරීම සඳහා සමගි ජනබලවේගය පක්ෂයෙන් නාමයෝජනා භාරදී තිබෙන සාමාජිකයින් 102 දෙනෙකුගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවිම සම්බන්ධයෙන් තිරණයක් ගැනිමට නියමිත බවයි වාර්තාවෙයි.