FAST NEWS

24×7 Around the Globe

එජාපය සහ සමගි බලවේගය හෙට වෙන් වෙන්ව රැස්වීම් දෙකක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය හෙට (29) දිනයේදී වෙන් වෙන්ව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම් දෙකක් කැඳවා ඇත. 

සමගි ජන බලවේගයෙන් මෙවර මහ මැතිවරණයට නාමයෝජනා ලබාදී ඇති එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඇතුළු එම පක්ෂයේ සාමාජිකයින් සිය දෙනෙකුගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය සහ පක්ෂයේ දැරූ තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව එක්සත් ජාතික පක්ෂය ඊයේ නිවේදනය කළේය.

කෙසේ වෙතත් හෙට දිනයේදී දෙපාර්ශවය වෙන වෙනම රැස්වන අතර, එහිදී මේ පිළිබඳවද සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.