FAST NEWS

24×7 Around the Globe

ඩෙංගු මරණ කොරෝනා මරණවලට වඩා වැඩි වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඩෙංගු රෝගය වැළඳීමෙන් මේ වසරේ 20 දෙනකුත් පසුගිය වසරේ 150 දෙනකුත් මරණයට පත්වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය. 

අමාත්‍යවරිය මේ බව සදහන් කළේ කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

කොවිඩ් වෛරසයෙන් ජනතාව ආරක්ෂා කරනවා සේම ඩෙංගු රෝගයෙන් ද ජනතාව ආරක්ෂා කර ගැනීමේ වගකීමක් අප සතු බවත්, ඒ සදහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත ‘ඩෙංගු මර්දන කාර්ය සාධක බලකායක්’ පිහිටුවා ඇති බවත් අමාත්‍යවරිය සදහන් කළාය.

මේ හේතුවෙන් කොරෝනා වෛරසය පාලනය කිරීම සදහා සහාය  දැක්වූවා සේ ඩෙංගු රෝගය පාලනය කර ගැනීම සදහා සියලූම පළාත් පාලන ආයතන නියෝජිතයින්, පළාත් පාලන ආයතන නගරාධිපතිවරුන් මෙන්ම සභාපතිවරුවන්ගෙන් ද තවදුරටත් සහය ලබා දෙන ලෙසට ඉල්ලා සිටියි.