FAST NEWS

24×7 Around the Globe

සහල් වර්ග කිහිපයක් සඳහා අද සිට උපරිම සිල්ලර මිලක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (28) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.

ඒ අනුව නාඩු සහල් කිලෝවක් රුපියල් 96 ක්, සම්බා රුපියල් 98 ක් සහ රතු කැකුළු සහල් රුපියල් 93 කට අලෙවි කළ යුතුයි.

පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ ඊට අමතරව සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 93 කට සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 120 කට අලෙවි කළ යුතු බවයි.