FAST NEWS

24×7 Around the Globe

මැතිවරණයට එරෙහි පෙත්සම් විභාගය හෙටට කල් තැබේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජුනි 20 මහ මැතිවරණය පැවැත්වීමට එරෙහි පෙත්සම් විභාගය හෙට (29) දක්වා යළිත් කල් තබා තිබේ.

පෙත්සම් සලකා බැලීම අද 8 වන දිනටත් ආරම්භ වූයේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ  විනිසුරු මඩුල්ල හමුවේ.