FAST NEWS

24×7 Around the Globe

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් කුවේට් සිට පැමිණි අය

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – කුවේට්හි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසෙන් තවත් 92 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඊයේ (27) දිනයේ හඳුනාගැණුනු ආසාදිතයින්ගෙන් 97 දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර ඉන් 05 දෙනෙකු චෙන්නායි හි සිට මෙරටට පැමිණි කටුකැලියාව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වන පිරිසකි.

මීට අමතරව ඊයේ දිනයේ හදුනාගැණුනු සෙසු ආසාදිතයින් නාවික හමුදා සාමාජිකයින් බවත් එම සංඛ්‍යාව 53 වන බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.