FAST NEWS

24×7 Around the Globe

මහනුවර – බදුල්ල දුම්රිය 2ක් ධාවනයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (28) සිට සාමාන්‍ය ජනතාවට ගමන් කිරීම සඳහා මහනුවර සිට බදුල්ල දක්වාත් බදුල්ල සිට මහනුවර දක්වාත් දුම්රිය 2 ක් ධාවනය කිරීමට පියවර ගෙන තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට එම දුම්රිය මහනුවරින් සහ බදුල්ලෙන් පෙරවරු 8.30 ට පිටත් වේ.

මේ අතර රාජකාරි සඳහා යන සේවකයන්ට දැනට දිනකට දුම්රිය 31 ධාවනය කෙරෙන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.