FAST NEWS

24×7 Around the Globe

අද සිට අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යළි විවෘතයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (28) සිට කොරෝනා ආසාදිත සේවකයින් 5 දෙනෙකු වාර්තා වීමත් සමග වසා දැමුණු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යළි විවෘත කිරීමට නියමිතයි.

සෞඛ්‍ය ආරක්ෂක මාර්ගෝපදේශ සහ තානාපති කාර්යාලයේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සේවා කටයුතු ආරම්භ කරන බව තානාපති කාර්යාලය නිවේදනය කළේය.

පසුගිය 21 වන දා මෙලෙස අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසා දමනු ලැබුවේය.