FAST NEWS

24×7 Around the Globe

සිරුරු ආදාහනය කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීම ජූලි 22

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය මුස්ලිම් ජාතිකයින්ගේ මෘත ශරීර ආදාහනය කිරීමට ගත් තීරණය ඉස්ලාම් දහමට සහ ඉගැන්වීමට පටහැනි බව පවසමින් හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා ඇතුළු හිටපු මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ජූලි මස 22 දින සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

අදාල පෙත්සම් මුර්දු ප්‍රනාන්දු, ඇස්.තුරෙයිරාජා සහයසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

හිටපු අමාත්‍යවරන් හා හිටපු  මන්ත්‍රීවරුන් වන රිෂාඩ්  බදුද්දීන් ,අමීර් අලි,ඒ.එම්. මහරූප්, හුසේන් බහිලා යන මහත්වරුන් ගොනු කළ මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් සහ නීතිපති  නම් කරනු ලැබ ඇත.