FAST NEWS

24×7 Around the Globe

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කෘෂි නිෂ්පාදන යළි ඇරඹීමට උපදෙස්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිපදවූ ඉහළම ප්‍රමිතියෙන් යුත් කෘමිනාශක ඇතුලු කෘෂි නිෂ්පාදන යළි ඇරඹීමට උපදෙස් ලබාදී ඇත.   

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී අදාළ නිළධාරීන් හට මෙම උපදෙස් ලබාදී තිබේ.

සාධාරණ මිලකට ලබාගත හැකි ඉහළ ප්‍රමිතියෙන් යුතු කෘමිනාශක ඇතුලු කෘෂි නිෂ්පාදන යළි ආරම්භ කිරීමට පියවර ගන්නේ නම් එය මෙරට ගොවි ජනතාවට සහනයක් වනු ඇති බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන්කර ඇත.