FAST NEWS

24×7 Around the Globe

Online මඟින් සරසවි ප්‍රවේශයට අයදුම්පත් කැඳවීම ජූනි 2 න් අවසන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වසංගත හේතුවෙන් 2019 – 2020 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමය මගින් අයදුම්පත් කැඳවීම ලබන මස 2 වනදා අවසන් වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් පාසල් යළි ආරම්භ කර සති දෙකක් යනතෙක් මෙම අයදුම්පත් භාරගැනීම වැඩිදුරටත් දීර්ඝ කර තිබුණි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග නිවේදනය කළේ කෙසේ වෙතත් රටේ තත්ත්වය ක්‍රමයෙන් යහපත් අතට හැරෙමින් පවතින බැවින් මෙම තීරණය ගත් බවයි.