FAST NEWS

24×7 Around the Globe

නල්ලතන්නියේ මන්ද ඇට වු සැකකරු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | නල්ලතන්නිය) – නල්ලතන්නියේ මන්ද ඇට වු සැකකරුව වනජිවි නිලධාරින් විසින් අද (27) උදැසන අත්අඩංගුවට ගෙන තිබේ.

නල්ලතන්නිය ලක්ෂපාන වාලමලෙයි වත්තේ මන්දට හසු වු සත්වයා , අවුරුදු 8ක් පමණ වයසැති දිගින් අඩි 8, උසින් අඩි 4 පමණ හොදින් වැඩුණු පැන්තරා පාදුස් වර්ගයේ කළු කොටියෙක්.

ඌ නිර්වින්දනය කර මුදාගෙන තිබෙන අතර මුලික ප්‍රතිකාර ලබා දි උඩවලව ඇත් අතුරු සෙවන පශු වෛද්‍යය රෝහලට බාර දී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.