FAST NEWS

24×7 Around the Globe

තවත් නාවිකයින් 19 කට සුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (25) කොවිඩ් – 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 19 දෙනෙකු වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

මෙම නාවික හමුදා පුද්ගලයින් 19 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 332ක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.