FAST NEWS

24×7 Around the Globe

නිශ්ශංක සේනාධිපති අද ජනාධිපති කොමිසම හමුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (26) ඇවන්ගාඩ් සමාගමේ හිටපු සභාපති නිශ්ශංක සේනාධිපති දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

නිශ්ශංක සේනාධිපති විසින් ඇවන්ගාඩ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් පවරා ගැනීම හේතුවෙන් සිදුවු හානිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම වෙත පැමිණිල්ලක් සිදුකර තිබුණි.

අද පෙරවරු 09.30 ට ඊට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.

එම පැමිණිල්ල පිළිබඳ සාක්ෂි සටහන් කර ගැනීමේ කටයුතු අද දිනයේ පළමු වරට ආරම්භ වන අතර ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය මඟින් මූලික විමර්ශන අවසන් කළ තවත් පැමිණිලි දෙකක සාක්ෂි විමසීමේ කටයුතු ආරම්භ කෙරෙයි.