FAST NEWS

24×7 Around the Globe

මධ්‍යස්ථාන 41 ක පුද්ගලයින් රැසක් තවදුරටත් නිරෝධායනයේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පුද්ගලයින් 4649 දෙනෙකු තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථාන 41 ක නිරෝධායනය වෙමින් සිටින බව යුද හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඉන් නිරෝධායනය අවසන් කල 31 දෙනෙකු අද දිනයේ නිවෙස් වෙත පිටත්කර යැවීමට නියමිත බව යුද හමුදාපතිවරයා පැවසුවේය.

මේ වනවිට 10,795 දෙනෙකු නිරෝධායනය අවසන් කර පිටත්ව ගොස් අවසන් බවද යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.