FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය කඩකළ පිරිස 66,000 ආසන්නයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ඇඳිරි නීතිය පැනවූ පසුගිය මාර්තු මස 18 වන දා සිට අද පෙරවරු 6 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 65,930 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාලය තුළ රථ වාහන, 18,614ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

තවද අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් 20,926 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට ද කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් සඳහන් කරයි.