FAST NEWS

24×7 Around the Globe

අද සිට කොටස් වෙළඳපළ ගණුදෙනු සිදුවෙන ආකාරය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (26) සිට බල පැවැත්වෙන පරිදි කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු කාලසීමාව පස්වරු 2.30 දක්වා දීර්ඝ කර තිබේ.

කොළඹ කොටස් වෙළෙඳපොළ මෙම තීරණය ගෙන ඇත්තේ අද සිට දිවයිනේ සියලූ දිස්ත්‍රික්වලට ඇඳිරි නීතිය ලිහිල් කිරීම සැළකිල්ලට ගෙනයි .

මේ අනුව පූර්ව ගනුදෙනු සැසිය පෙරවරු 10.30 සිට පෙරවරු 11.00 දක්වා ක්‍රියාත්මක වන අතර පෙරවරු 11.00 ට විවෘත වෙන්දේසියෙන් පසු දෛනික සාමාන්‍ය ගනුදෙනු පෙරවරු 11.00 සිට පස්වරු 2.30 දක්වා පැවැත්වෙනු ඇත.

සති 7 ක කාලයකින් පසු පසුගිය මැයි 11 දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භවූ අතර එදින සිට මේ දක්වා දෛනික ගනුදෙනු කාලසීමාව පෙරවරු 11.00 සිට පස්වරු 1.00 දක්වා පැය 2 ක කාල සීමාවකට පමණක් සීමා වී තිබිණි.

කොටස් වෙළෙඳපොළ දෛනික සාමාන්‍ය ගනුදෙනු කාලසීමාව පැය 5 ක් වන අතර එය පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වේ.