FAST NEWS

24×7 Around the Globe

අන්තර් පළාත් බස් සේවා අද සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (26) කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර අන්තර් පළාත් බස් සේවා සිට ආරම්භ වේ.

සෞඛ්‍ය අංශ විසින් මෙම බස් රථ සේවා ආරම්භ කරනුයේ රජයට දී ඇති උපදෙස් අනුව වන අතර මාර්ග 5 ක් ඔස්සේ කොළඹට පැමිණෙන බස් රථ කොළඹ දක්වා ධාවනය නොකෙරේ.

මෙම බස් රථවලින් ගාස්තු අය කළ යුත්තේ එම බස් රථ නවත්වන ස්ථානය දක්වා පමණක් බව ද මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

මෙම බස් රථවල ගමනාන්තය ලෙස පැහැදිලිවම ඉදිරි පස වීදුරුවේ බස් රථය නවත්වන අවසාන ස්ථානය සඳහන් කළ යුතුයි.

එමෙන්ම සෞඛ්‍ය අංශ විසින් දී ඇති උපදෙස් අනුව මුව ආවරණ සෑම මගියෙක් විසින් පැළඳිය යුතු අතර බස් රථ තුළ මහජන සෞඛ්‍ය ආරක්ෂණ පහසුකම් පවත්වා ගත යුතු බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.