FAST NEWS

24×7 Around the Globe

කටාර් රාජ්‍යයේ සිටින ලාංකිකයින් මෙරටට රැගෙන ඒම තාවකාලිකව අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) –  කටාර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙරටට රැගෙන ඒමට හෙට (26) දිනයේ සැලසුම් කර තිබූ ගුවන් ගමන තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.   

ඒ, කුවේට් සිට මෙරටට පැමිණ නිරෝධායනය වන 70 කට පමණ කොරෝනා ආසාදනය වීම හේතුවෙන්.

ශ්‍රී ලාංකිකයන් ලක්ෂයකට අධික පිරිසක් කටාර් හි රැකියාවල නිරත ව සිටින අතර ඒ අතුරින් වැඩිම පිරිසක් කම්කරු සහ ගෘහ සේවයේ නිරත වූවන්.