FAST NEWS

24×7 Around the Globe

මහ මැතිවරණය සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (26) මැතිවරණ කොමිෂන් සභාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් ඔස්සේ මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් පැවැත්වේ.

දැනට පවතින යෝජනා සහ අදහස් එහිදී දීර්ඝව අවධානයට යොමුකරන බවට වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මැතිවරණයට අදාළ මූලික නිර්දේශ කිහිපයක් මැතිවරණ කොමිසමට මේ වනවිට ඉදිරිපත් කර තිබේ.

මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද භාවිත කිරීමල ඡන්දය ප්‍රකාශ කිරීම, ගණනය කිරීම සහ ඇගිලි සළකුණු කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් වෛද්‍ය නිර්දේශ සහ මැතිවරණ කොමිසමේ අදහස් තවදුරටත් දෙපාර්ශවය විසින් අධ්‍යයනය කිරීමට තීරණය වී ඇත.