FAST NEWS

24×7 Around the Globe

රුසියාවේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – කොරෝනා වසංගත තත්වය හමුවේ පැමිණීමට නොහැකිව රුසියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් 181 දෙනෙකු දිවයිනට ළඟා වී තිබේ.

අද (25) අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ යානයක් මගින් මෙම පිරිස මොස්කව් නුවර සිට පැමිණි බව සඳහන්.

ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ඔවුන් නිරෝධායන කටයුතු සඳහා රැගෙන ගොස් තිබේ.