FAST NEWS

24×7 Around the Globe

පාසල් නැවත ආරම්භ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (26) දිනයේ පාසල් නැවත ආරම්භ කිරිම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

පාසල් ආරම්භ කිරිම සඳහා වු සැලැස්මක් සකස් කිරිම මෙහි ප්‍රධාන අරමුණ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන රාජ්‍ය ලේකම් නෙරන්ජන් චන්ද්‍රසේකර සඳහන් කළේය.

කොරොනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය මාර්තු 13 දින සිට දිවයිනේ සියලුම පාසල් වසා දැමිමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනු ලැබීය.