FAST NEWS

24×7 Around the Globe

ජෝශප් පරරාජසිංහම්ගේ ඝාතනයට සැකපිට පිල්ලෙයාන් අත්අඩංගුවට.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝශප් පරරාජසිංහම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් හිටපු මහ ඇමැති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්ත් නොහොත් පිල්ලෙයාන් ඊයේ (11 වැනිදා) රහස්‌ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

පරරාජසිංහම් මහතාගේ ඝාතනයට සැකපිට මීට පෙර රහස්‌ පොලිසිය මගින් හිටපු එල්ටිටීඊ සාමාජිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.

ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ලද තොරතුරු මත විශේෂ රහස්‌ පොලිස්‌ කණ්‌ඩායමක්‌ ඊයේ (11 වැනිදා) පෙරවරුවේ පිල්ලෙයාන් සොයා මඩකලපුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ සොයුරියගේ නිවසට ගොස්‌ ඇති අතර පිල්ලෙයාන් එහි නොසිටියෙන් ඔවුන් නැවත කොළඹ බලා පිටත්ව පැමිණ ඇත.

මේ අතරවාරයේ ඊයේ (11 වැනිදා) සවස 6.00 ට පමණ නැගෙනහිර පළාත් හිටපු මහ ඇමැතිවරයා රහස්‌ පොලිසියට පැමිණ තිබිණි. එහිදී ඔහු අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස්‌ අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

ජෝශප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්ත් නොහොත් පිල්ලෙයාන් පිළිබඳ වැදගත් තොරතුරු කිහිපයක්‌ අනාවරණය කර ගැනීමටද පසුගිය දිනවල රහස්‌ පොලිසියට හැකි වීබිණි.

එම තොරතුරු අනුව පිල්ලෙයාන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතය.