FAST NEWS

24×7 Around the Globe

බේකරි නිෂ්පාදන මිල ඉහළ දැමීමේ සූදානමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආනයනය කරනු ලබන මාජරින් හා පාම් ඔයිල් සදහා අය කෙරෙන බද්ධ ඉහළ නැංවීමේ තීරණය හේතුවෙන් බේකරි හිමියන් දැඩි පීඩාවකට පත්ව ඇතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කරයි.  

මෙම තීරණයට සමගාමීව දේශිය මාජරින් නිෂ්පාදකයන්ද එම නිෂ්පාදන වල මිල ඉහල නැංවීමට සූදානම් වන බවත් , එබැවින් පාන් ඇතුලු සියලු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහල නැංවීමට සිදුවනු ඇති බවද ඔහු පවසා සිටී.