FAST NEWS

24×7 Around the Globe

සරසවි ප්‍රවේශ අයදුම්පත් සහතික කිරීමට දුන් කාලය දීර්ඝ කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පාසල් වසා දැමීම නිසා, පාසල් අපේක්ෂකයින් ලෙස උසස් පෙළ විභාගයට පෙනී සිටවිශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ ප්‍රවේශ අයදුම්පත් සහතික කරවාදීම සඳහා පසුගිය සතියේ ලබා දී තිබූ අවස්ථාව යළිත් දීර්ඝ කර ඇත.   

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානීන් වෙත දැනුම් දී ඇත්තේ මැයි 27 බදාදා,  28 බ්‍රහස්පතින්දා, මැයි 29  සිකුරාදා යන තෙදින ද ඒ සඳහා ලබාදෙන ලෙසයි. 

සෞඛ්‍ය බලධාරීන් විසින් නිර්දේශ කර ඇති සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අදාළ එක් එක් පාසල්වල විදුහල්පතිවරයා හෝ නියෝජ්‍ය විදුහල්පතිවරයා විසින් තම පාසලෙන් උසස් පෙළ සමත්වවිශ්වවිද්‍යාල ප්‍රවේශය ලද සිසුන්ගේ අයදුම්පත් සහතික කරවා දීම සිදුකළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය  වැඩිදුරටත් සදහන් කරයි.