FAST NEWS

24×7 Around the Globe

දිවයිනේ සියලු සුරා සැල් වැසේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් දිවයින පුරා සුරා සැල් වසා තැබීමට පියවර ගෙන තිබේ.

අද (24) සහ හෙට (25) දිවයින පුරා ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය හේතුවෙන් එලෙස වසා තැබීමට තීරණය කර තිබෙන බව සුරාබදු නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කරයි.

මේ නිසා දිවයිනේ සියලු බලපත්‍ර ලාභී සුරාසැල් වසා තබනු ඇති අතර පොලිස් ඇඳිරි නීතිය කාලය තුළ විවෘතව තබන සුරා සැල් සොයා වැටලීම් සිදු කෙරේ.