FAST NEWS

24×7 Around the Globe

නිරෝධායනය අවසන් කල තවත් පිරිසක් අද පිටත්ව යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (24) දිනයේදී ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය අවසන් කල තවත් 259 දෙනෙකු පිටත්ව යන බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මේ වනවිට 10, 362 දෙනෙකු නිරෝධායනය අවසන් කර පිටත්ව ගොස් ඇති බව ඔහු කියාසිටියේය.

ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවල තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින සංඛ්‍යාව 4886 කි.