(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මුළු දිවයිනටම ඇඳිරි නීතිය බල පැවැත්වෙන හෙට (24) සහ අනිද්දා(25) දිවයින පුරා මාර්ග බාධක 900 ක් යෙදවීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු දිගටම ක්‍රියාත්මක අතර අනෙක් දිස්ත්‍රික් 23 ඇඳිරි නීතිය ලබන අගහරුවාදා අලුයම 5 ට ඉවත් කිරීමට නියමිතයි.
කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවලට අද රාත්‍රී 8 සිට බලාත්මක වන ඇඳිරි නීතිය යළි ලිහිල් කෙරෙන්නේ එළැඹෙන මැයි 26 අඟහරුවාදා අලුයම 5 ටයි.
එතැන් සිට එම දිස්ත්‍රික්ක 23 හි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා පමණයි.








